පිළිකා සෛල පාලනයට අද්විතීය සහනයක්

ඔබ දැන සිටියාද? කරවිල ඇටවල අඩංගු ඇල්ෆා එලොස්ටියරික් මේද අම්ලයට (α-eleostearic fatty acid) පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇති බව. කරවිල ඇට හා වෙනත් ඇතැම් බීජ වල ස්වභාවිකවම අන්තර්ගත ඇල්ෆා එලොස්ටියරික් මේද අම්ලය විද්‍යාත්මකව “(9Z,11E,13E) -Octadeca-9,11,13-trienoic acid “ලෙස හඳුන්වන අතර බහු අසංතෘප්ත මේද අම්ල කාණ්ඩයට අයත් වේ. නව්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මගින් මෙහි අඩංගු අද්විතීය ජෛව ක්‍රියාකාරී ගුණ පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේදී වැදගත් කාර්යක් සිදු කළ හැකි බව සොයාගෙන ඇත.

විශේෂයෙන්ම පියයුරු, පුරස්ථි හා මහබඩවැල් වැනි මෘදු පටක ආශ්‍රිත පිළිකා වලදී සෛල වර්ධනයට එරෙහිව සටන් කිරීමට ඇපොප්ටොසිස් (Apoptosis)නම් යාන්ත‍්‍රණය ඇති කිරීමේ හැකියාවක් ඇල්ෆා එලොස්ටියරික් අම්ලය සතු වෙයි. ඇපොප්ටෝසිස් යාන්ත්‍රනය යනු දේහ  තුළදී  සෛල සමතුලිතතාවය පවත්වා ගනිමින් සහ බහු සෛලීය ජීවීන්ගේ අනවශ්‍ය හෝ හානි වූ සෛල ඉවත් කිරීම සඳහා ඉතා වැදගත් වන ක්‍රියාවලියක්  ලෙස හැදින්විය හැකිය. මෙම ඇපොප්ටෝසිස් ක්‍රියාවලිය ප්‍රධාන මාර්ග දෙකක් (අභ්‍යන්තර සහ බාහිර ) හරහා ක්‍රියාත්මකවීම ආරම්භ විය හැකිය. අභ්‍යන්තර මාර්ගය සෛල තුල ආතතිය මගින් උත්තේජනය වී, මයිටොකොන්ඩ්‍රියාවෙන් සයිටොක්‍රෝම් c  මුදා හැරීම, ඇපොප්ටෝසෝම සෑදීම සහ කැස්පේස සක්‍රීය කිරීම සිදු කරයි. බාහිර මාර්ගය බාහිරින් ලැබෙන සංඥා ඊට අදාල ප්‍රතිග්‍රාහක වලට බන්ධනය කර DISC  සාදා කැස්පේස්-8 සක්‍රීය කිරීම සිදු කරයි. මේ ක්‍රියාවලි දෙකේදීම අවසානයේදී ඇපොප්ටෝසිස් ක්‍රියාවලිය කරන්නාවූ කැස්පේස්-3 සක්‍රිය වීම සිදුවේ.

මීට අමතරව ඇල්ෆා එලොස්ටියරික් අම්ලය සතු ප්‍රති ප්‍රදාහ (Anti Inflammatory) මගින් පිළිකාවක් ඇතිවීම හා වර්ධනය වීමට නුසුදුසු පරිසරයක් ශරීරය තුළ ඇති කරන අතර තවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ ඇල්ෆා එලොස්ටියරික් අම්ලය සතු Anti- angiogenic ගුණ මගින් පිළිකා සෛල වලට අවශ්‍ය පෝෂණය සීමා කිරීම මගින් එම සෛල වර්ධනය හා පැතිරීම පාලනය කරන බවත්ය.

ලොවපුරා සිදු කෙරුණු අණුක මට්ටමේ සහ සතුන් යොදාගෙන සිදු කෙරුණු විවිධ පර්යේෂණ මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළදී ද වැඩිදුරටත් පර්යේෂණ පවත්වා තහවුරු කරගත් ප්‍රතිඵල මත සිලෝන් ග්‍රීන් ආයුර්වේද මැනුෆැක්චරින් ආයතනය මගින් කරවිල ඇට මගින් නිස්සාරණය කර ලබා ගන්නා ඇල්ෆා එලොස්ටියරික් මේද අම්ලය යොදාගෙන ”ඇල්ෆා එලොස්ටෙරා” නමින් කැප්සියුලයක් මේ වන විටත් වෙළඳ පොළට නිකුත් කර ඇති අතර එය ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි නිෂ්පාදනයකි. මෙම ඇල්ෆා එලොස්ටෙරා නිෂ්පාදනය සඳහා GMP, HACCP, ISO 22000:2018 තත්ත්ව සහතික ද ලබාගෙන ඇත. මෙම ඇල්ෆා එලොස්ටෙරා නිෂ්පාදනය පිළිබඳව වැඩිදුර තොරතුරු පහත දුරකථන මාර්ග ඔස්සේ ලබාගත හැක. ☎️ 0766 867 845 / 0777 322 580

Credits: Original post from Gossip Lanka News https://www.gossiplankanews.com/2024/01/ceylon-green.html

Shopping Cart